Life
හිරට අඳින අයට හර්නියා අවදානමක්
ගෑණු ළමයෙක් වුණාම හැඩට ඉන්න ඕන කියලා ඒ දවස්වල හිටපු ආචිච්ලා, අම්මලා ඉන හිරවෙන්න ඇදුම් අඳින්න කියලා බල කළා. ඒ හින්දම ඉන තව තවත් හැඩ කරගන්න පුළුවන් තරම් හිරට ඉනට ඇඳුම් අදින්න ඇතැම් අය පෙළඹුනා.
ඒ විතරක් නෙමෙයි සමහර අය ඉන, බඩ ප්රදේශය පුළුවන් තරම් හිර කරගෙන ඇඳුම් ඇදීම පුරුද්දක් විදිහටත් කරනවා. ර්ණමට හිර නැතුව ඇඳුම් අඳින්න බෑ. ඛෙල්ට් එකක් නැතුව අදින්න බෑ.